(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
යහ පාලන ආණ්ඩුව මගින් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පැවසීය.
2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි ප්‍රධානය කිරීම සදහා පැවති උත්සවයේ දී ඔහු ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සමරවීර මහතා මෙසේද කීය.
“අපේ රජය මේ වන විට ජනතාවට සහන දෙන්න පටන් අරගෙන තිබෙනවා.ඔවුන් කිසිවිටෙකත් පීඩාවට ලක් කරන්න රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට හොද දැක්මක් වගේම ඉලක්කයකුත් තිබෙනවා. ජනතාවට සහන සැලසීමේ තවත් දැවැන්ත පියවරක් මේ මස ආරම්භ කෙරෙනවා.
ඒ ගම්පෙරළිය වැඩසටහනයි. සෑම ගමක් ම සංවර්ධනය කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ගම්මාන වැඩි දියුණු කරනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද නියමිත යි. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වෙනවා. ඒ තුළින් වඩා හොද ශක්තිමත් ආර්ථිකයක් රටේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”