(සුජිත් හේවාජුලිගේ)
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ පින් පඩි ගසන. පිං වාහන ගන්න. පිං විශාම වැටුප් ගන්න මිනිස්සු ටිකයි.වෙන අය වගේ නොවෙයි පිං පඩි ගන්න මන්ත්‍රීවරුන් කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතළයි.”
සමාජ සවි බල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය.
විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිවරිය කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම තවමත් නවත්තලා නැහැ. ඇයට විරුද්ධව කතානායකවරයා ඉක්මනින්ම සුදුසු පියවරක් ගනිවී කියලා බලාපොරොත්තු වෙනවා යැයිද රාමනායක මහතා කිවේය.
රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ ජනතාවට පුර්වාදර්ශය දිය යුතු පිරිසක්.සමාන්‍ය ජනතාව කියන දේවල් වගේ නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශවල වටිනාකමක් තියෙනවා. ඒ වගේම බෙදුම්වාදයට උඩගෙඩි නොදෙන බවට දිව්රුමකිනුත් සහතික වී ඉන්නවා.”
“විජයකලා කොටි හිතවාදි ප්‍රකාශයකි වගේම හිට්ලර් කතා ගැනත් පාර්ලිමේනතුවට බොම්බ ගහන කතා ගැනත් සොයන්න ඕනෑ මේවා බරපතළ කතා” යැයිද රාමනායක මහතා කීය.