වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය වඳ පිදී ඇති බවත් ආර්ථිකය වඳ පීදෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිමෙන් පලක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.
රටේ ආර්ථිකය මෙහෙවන මහ බැංකුව , රේගු දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට තවමත් දේශපාලන අත පෙවීම් සිදුවීම හේතුවෙන් ද ආර්ථිකයට දැඩි බලපෑම් සිදුවන බව කී මන්ත්‍රී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිටුපස ද දේශපාලන බලපෑම් ඇති බව හෙළි වී තිබෙන්නේ යැයි සඳහන් කළේය.
වත්මන් රජය බලයට පත් වි මාස පහකට ආසන්න කාලයක් ගත වුවත් රටේ ආර්ථික සංවර්ධනයට අදාළ කිසිම යෝජනාවක් අණ පනතක් තවමත් සම්මත කර ගෙන නැතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණූ මුලස්ථානයේ දී අද (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



