ෆොන්සේකාට ප‍්‍රතිකාර වරදී
බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා අද කොළඹ නවලෝක රෝහලට යා යුතුව තිබුණත් බන්ධනාගාරය එය පැහැර හැර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. වැලිකඩ බන්ධනාගාරයට ගොස් ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන්ට මේ බව පැවසීය. ඔහු සමග එහි ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන පැවසුයේ ෆොන්සේකාගේ සිර දඬුවම ගැන පාප්තුමන් වෙතද විශේෂ වාර්තාවක් බාරදී ඇති බවයි.

