ෆොන්සේකාට පාසලින් උපහාර


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට උසස්වීමක් ලැබීමෙන් පසු ඔහු අධ්‍යාපනය හැදෑරූ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය ෆොන්සේකා මහතා පිළිගත් අතර ශිෂ්‍ය භට කණ්ඩායම උත්තමාචාර පෙළපාලියක් පැවැත්වීය.

විද්‍යාලයීය ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයද ෆොන්සේකා මහතා අතින් විවෘත කෙරිණි. විද්‍යාලය වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක්ද ඒ මහතා වෙත පිරිනැමිණි..