ෆොන්සේකාගේ රැස්වීමට සන්ධානය හරස්වේ


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද රැස්වීමක් බෙලිඅත්ත ගැටමාන්නේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට අවසර ලබාගෙන තිබුණත් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් එය කඩාකප්පල් කළ බවත්, තම නායකයාගේ ආරක්ෂාව පතා එතැන රැස්වීම නොපවත්වා එතැනින් පිටවූ බවත් හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායක දේවක වීරසිංහ මහතා පවසයි.

එම රැස්වීම පැවැත්වීමට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙන් මණ්ඩරවත්ත පොළ භූමිය නුදුන් නිසා පෞද්ගලික ඉඩමක පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබියදී සන්ධානයේ 200ක් පමණ පිරිස පැමිණ හූ කියමින් අවහිර කළ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.