ෆොන්සේකාගේ මන්ත්‍රී ඉල්ලුම තවත් කල් යයි


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම් ගොනු කළ මූලික අයිතිවාසකම් පෙත්සම ඉවත දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවයන් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එකඟතාවයට නොපැමිණීම නිසා එම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතාට යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

එසේම මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ හා චන්ද්‍ර ඒකනායක යන විනිසුරුවරුන් නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස ද නියෝග කැරිණි.