ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ගාස්තු රහිතව අද(15) නිෂ්ප්‍රභ කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.
සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය මහතා ගොනුකළ මෙම පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය අයිතියක් සහ හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥවරු කරුණු දැක්වූහ.
මන්ත්‍රී ධූරය අහිමි වූ ෆොන්සේකා මහතා පසෙක සිටියදී වෙනත් පුද්ගලයෙකුට පෙත්සමක් ගොනු කර පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නැතැයි ද,ඔවුන් ඉල්ලා සිටින පරිදි ෆොන්සේකා මහතා වෙනුවට මන්ත්‍රී ධූරයට පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉවත් කර නැවතත් ෆොන්සේකා මහතා එම ධූරයට පත්කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නීතිමය ප්‍රතිපාදන නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කීය.

