ෆොන්සේකාගේ දෙන්නාට ඇප


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරිහු දෙදෙනක් බලපත්‍ර නොමැතිව බුලත්සිංහල නගරයේදී අඟහරුවාදා (15) රාත්‍රියේදී ශබ්ධ විකාශන යන්ත්‍ර මගින්  ප්‍රචාරක කටයුතු කළැයි මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් චන්න බී මුණසිංහ මහතා විසින් රුපියල් පනස්දහසක් බැගින් වු ශරීර ඇප මත අද (16) මුදා හරිනු ලැබුහ.

අද පැවැත්වීමට නියමිත රැස්වීමක ප්‍රචාරක කටයුතු කළැයි  ආර් එම් චමින්ද කුමාර හා ඩබ්ලිව් ජයසංඛ යන දෙදෙනා මෙසේ ඇප මත මුදා හරිනු ලැබුහ.

අත්අඩංගුවට ගත් ශබ්ද විකාශන යන්ත්‍රය හා ත්‍රිරෝද රථය ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.