හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට දෙවැනි යුදඅධිකරණයෙන් පැනවූ මාස තිහේ සිර දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අභියාචනාධිකරණය අද ඉවත දැමීය. එරික් බස්නායක, ඒ.ඩබ්ලිව්.ඒ සලාම් හා උපාලි අබේරත්න විනිසුරුවරු මේ ඇපෑළ විභාග කළහ.
ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න යුධ හමුදාවට යුදහමුදාවට උපකරණ සැපයීයයි කියන මෙම නඩුව ඉවත දැමුණේ ආපස්සටද බලපාන නීති ධර්මය යටතේ බව නඩු තීන්දුවේ සදහන් වේ.