ෆොන්සේකා සතුටින්


දූෂිත පාලනයක් පැවැති පසුගිය රජය සමයේ බොරු චෝදනා නගා තමාට අහිමි කළ හමුදා තනතුරු ආදිය ලබාදීමට නව ජනපති තීරණය කිරීම ගැන සතුටු වන බව සරත් ෆොන්සේකා මහතා කියයි.

තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමද පසුගිය රජය අහිමි කළ බවත් ජෙනරාල් ෆොන්සේකා මහතා කීවේය.

ජාතික විධායක සභාවේ හා දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකත්වය හැර තමාට රජයෙන් තනතුරක් පවරා නැතැයි කී ඔහු ජනපතිත් අගමැතිත් පවරන රාජකාරියක් ඉටු කරන බවද ෆොන්සේකා මහතා කීවේය.