‘මා දේශපාලනයට ඇද දැමුණේ රජයේ වැරදි තීන්දු සහ තීරණ නිසයි. ඒ ටිකම ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියටත් සිදුවී තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් ඇය සමග වුවද එම ගමන යෑමට සූදානම් යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා කෝට්ටේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.
‘රට හැම අතින්ම කඩා වැටීමට ලක් වෙලා. විකල්පයක් අවශ්‍ය බව බොහෝ දෙනා කියනවා. මගේ දේශපාලන ගමනේදී පාතාලයන්, කුඩාකාරයන්, මැරයන් ඇසුරු කිරීමට හෝ ඒකාධිපතියකු වීමට කිසිම අවශ්‍යතාවක් නෑ, ඒවා නැති නිසා ‘ඔබ දේශපාලනයට සුදුසු නැහැයි‘ මට සමහරුන් කියනවා. මේ රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඒ සඳහා කැපවිය හැකි ඕනෑම අයෙකු සමග අත්වැල් බැඳ ගැනීම මගේ දේශපාලනයයි.

