ෆොන්සේකා රෝහල්ගත කරයි


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට අද සවස ඇතුලත් කරනු ලැබීය.  බන්ධනාගාර නිලධාරින් ඔහු අද රෝහලට ගෙන ආවේ ‍කොළඹ මහාධිකරණය පසුගිය 25 දා දුන් නියෝගයක් අනුවය. බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලබයි. ඇදුම හා බ්‍රොන්කයිටිස් තත්ත්වයෙන් පෙලෙන ඔහුට ප්‍රතිකාර කරනුයේ විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාය.