ෆොන්සේකා නීතිය හා සාමය ඇමැති කරන්න සන්දිත්ගෙන් මෙහෙයුමක්


(නිමල කොඩිතුවක්කු)

නීතිය සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා  පත් කරන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් අත්සන් ගැනීමට  එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

 කොළඹට පැමිණ සිටි සියලු මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් ගැනීමෙන් පසු මෙම ලිපිය ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
 
නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ඒ පිළිබද විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු පත් කළ යුතුව ඇති බවත් ඒ සඳහා වඩාත්ම සුදුසුම පුද්ලයා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  බවත් යෝජනා කරමින් මෙම ලිපිය සකස් කර ඇත.
 
පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින් මෙම ලිපිය සකස් කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අත්සන් ලබා ගැනිීමෙන් පසු එය ජනාධිපතිවරයා වෙත භාර දෙන බවත්  සන්දිත් සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.