ෆොන්සේකා තිස්සෙන් ඡන්ද සටන අරඹයි


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සෙනසුරාදා (11) ආරම්භ කරන අතර එහි මංගල ජන රැලිය පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට තිස්සමහාරාම නගරයේදී හෙටපෙරවරු 9.30ට පැවැත්වේ.

මීට අමතරව අද දිනයේ දී තංගල්ල, ඇඹිලිපිටිය හා ගොඩකවෙල යන නගරයන්හිදීද අද දිනයේ දී සරත් ෆොන්සේකා මහතා සහභාගී වන ජනහමු තුනක් පැවැත්වෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ආනන්ද මානවඩු මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී පඬය මෙවර මැතිවරණයේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සදහාම තරග කරන අතර සෑම මැතිවරණ ආසනයකම ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය.