ෆේස්බුක් පැමිණිලි වැඩියි


අන්තර්ජාලය වැරදි ලෙස යොදා  ගැනීම සම්බන්ධ පැමිණිලි 200 ක් මැයි මාසයේ ලැබී තිබෙන බව ශ්‍රි ලංකා  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝෂාන් චන්ද්‍රගුප්ත මහතා  පැවසීය.

මෙම පැමිණිලි අතරින් සීයට හැටක්ම ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සැකසීම සහ මුර පදය හුවමාරු කරගෙන පරිහරණය කිරිමෙන් ඇති වුණ ගැටළු බව අනාවරණය වෙයි.