ෆේස් බුක් අන්තර් ජාල සමාගම් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවෙන් තහනම් කරන්නේ දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නැගුවේය.
එවැනි අදහසක් කිසි සේත්ම රජයට නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
මහින්ද රාජපක්ෂ ජනපති පානදුර සුමංගල බාලිකා විදුහලේ දී කළ කතාවකින් කියැවුණේ ‘ෆේස් බුක් අපටත් වසංගතයක්,දරුවන්ටත් වසංගතයක්.අපිට මේක තහනම් කරන්න පුළුවන්.ඒකට ක්‍රම තිබෙනවා.නීතීයෙන් මේවා කරන්න පුළුවන් කමක් නෑ.ඒ නිසා ෆේස් බුක් විශ්වාස කරන්න එපා.‘

