‘ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක්. දේශපාලනඥයින් ලෙස අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ උතුර දකුණ නොඛෙදුනු සාමකාමී හා ස්ථාවර රටක්.‘ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නිර්මාතෘ එස්.ජේ.වී චෙල්වනායගම් ගුණ සමරු උත්සවය සදහා එක්වෙමිනි.
"මට චෙල්වනායගම් මහතාගේ භාෂාවෙන් කතා කරන්න බැහැ. ඒක තමයි ඛේදවාචකය. බ්‍රිතාන්‍යයන්ගේ භාෂාව පාවිචිචි කරමින් තමයි අද මට මෙම කථාව කරන්න සිද්ධ වෙන්නේ. මොකද මේක තමයි අපිට බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුන අධ්‍යාපන ක්‍රමය. සිංහලයින්ට දෙමළ කථා කරන්න සහ දමිළ ජනතාවට සිංහල කථා කරන්න බැහැ. එහෙම දමිල ජනතාව සිංහලයෙනුත් සිංහලයන්ට ද්‍රවිඩ භාෂාවෙනුත් කථා කරන්න පුළුවන් වුනා නම් අපේ රටේ මෙවැනි වාර්ගික ගැටළු පැනනැගීමට ඉඩක් ලැඛෙන්නේ නැහැ. ‘‘
"චෙල්වනායගම් මහතා කියන්නේ මේ රටේ හිටපු විශිෂ්ඨ වගේම ශ්‍රේෂ්ඨ නායකයෙක්. මට මුලින්ම චෙල්වනායගම් මහතා දැක ගැනීමට ලැබුනේ පාර්ලිමේන්තුවේ දී. එවකට මම ආනන්ද විද්‍යාලයේ පාසල් සිසුවෙක්. අපිට ඒ දවස්වල දේශපාලනය ගැන විශාල උනන්දුවක් තිබුනා. ඒ නිසා මමත් අපේ යාළුවන් කිහිප දෙනෙකුත් අමතර පංතිවලට නොගොස් පංතිවලින් එළියට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ විවාද වලට සවන් දෙනවා. ඒ දවස්වල ඉතා වැදගත් වූ විවාදයන් පාර්ලිමේන්තුවේ පැවැත්වුනා. විවිධ පක්ෂවල විවිධ නායකයින්ගේ කථා අහන්න මට විශාල කැමැත්තක් තිබුනා. මේ අතර වාමාංශික නායකයින් මෙන්ම ද්‍රවිඩ නායකයින් සහ සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ කථා මම අසා සිටියේ ඉතාම ආසාවෙන්. චෙල්වනායගම් මහතාගේ කථා වලට මම ඉතාම ඇලුම් කළා. ඒ දවස්වල පාසල් ශිෂ්‍යයෙකු ලෙස මා ඔහු තුලින් දුටුවේ නිහතමානි, අහිංසක හොඳ මහත්මයෙකු සහ විශිෂ්ඨ දේශපාලනඥයෙකු ලෙසයි.”

