ෆුල් ෆේස් හෙල්මටයට තවත් ඉඩ


යතුරු පැදිකරුවන්ට සම්පූර්ණ මුහුණු ආවර්ණය වන පරිදි හිස්වැසුම් භාවිතා කිරිම තහනම් කරමින් පොලිසිය පැනවූ නියෝගය ක්‍රියාත්මකවීම වලක්වාලමින් අභියාචනාධිකරණය පනවා ඇති තහනම  තවදුරටත් දීර්ඝ කර තිබේ.

අදාළ පෙත්සම අද (13) අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්‍වගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සමට අදාළ ගැටළුව සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීමේ හැකියාවක් ඇති බැවින් ඒසඳහා කල් ලබා දෙන ලෙස දෙපාර්ශවයේම නීතීඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අභියාචනාධිකරණය විසින් ලබන සැප්තැම්බර් 02 වන දින දක්වා පෙත්සම සලකා බැලීමටත් අදාළ අතුරු  නියෝගය දීර්ඝ කිරීමට අ  තීන්දු කළේය.

සම්පූර්ණ මුහුණු ආවර්ණය වන පරිදි හිස් වැසුම් භාවිතා කිරිම තහනම් කිරිමට පොලිසිය  ගෙන ඇති තීන්දුවට එරෙහිව චානක දසනායක හා නාලක ඉන්ද්‍රජිත් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණු කර තිබුණි.එහි වගඋත්තරකරුවන් ලෙස මහජන හා සාමය ඇමති,පොලිස්පති ,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.