ෆුල් ෆේස් වාරණය තව දික්වේ


යතුරුපැදි ධාවකයින් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය (ෆුල් ෆේස් හෙල්මට්) තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබු අතුරු තහනම අභියාචනාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ පිළිබඳ නඩුව අද(01) කැඳවු අවස්ථාවේදී ඔක්තෝබර් 13 වන දින දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි    අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල  විසින් මෙම අතුරු  නියෝගයක් නිකුත් කළේය.

පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිරණයේ දී පැවසුයේ නඩුව සමතයකට පත් කර ගැනීමට සඳහා කාලය ලබා දෙන ලෙසයි.

පෙත්සම යළි කැඳවීම ලබන මසට කල් තැබිණි.

අදාළ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව නාලක ඉන්ද්‍රජිත්, චානක දිසානායක ඇතුළු  තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතංග, අමාත්‍ය රංජිත් මදදුමබණ්ඩාර, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.