ෆයිසර් සහ කිරිඇල්ලට මැතිවරණ කොමිෂමෙන් පරීක්ෂණයක්


රංජන් කස්තුරි 
 
ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆයිසර් මුස්තාෆා යන ඇමතිවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන අතර ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
 
පළාත් පාලන මැතිවරණ හෝ පසුව පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ දී එජාප පාලනයක් තිබෙන ආයතනවලට පමණක් මුදල් ලබාදෙන බවට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇති බවට පැමිණිල්ලක සඳහන් වෙන බවද දේශප්‍රිය මහතා පැවසීය.
 
අනික් පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ පාළාත් පාලන විෂයභාර ඇමතිවරයා  ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිය පක්ෂයට සැලකිල්ලක් ලබා දෙන බවට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා සඳහන් කර ඇති බව යැයිද සභහපතිවරයා කීය.
 
එම පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.