(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකාවේ නිෂ්පාදිත "ෆයිසර්" තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබුණි .
ශ්‍රී ලංකාව කළ ඇනවුම කට අනුව එම එන්නත් තොගයක මෙරටට ලැබී තිබුණි.

