(සම්පත් ජයලාල්)
පැහැරගෙන යාම හා මිනිස් ජාවාරම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවු තලවාකැලේ ළිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුලූ සැකකරුවන් අට දෙනෙකු එක් අයෙකුට ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත‍්‍රාත් ප‍්‍රමිත ජයසුන්දර මහතා නියෝග කරන ලදි.
ලිඳුල ප‍්‍රදේශයේ දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් නුවරඑළිය මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පසුගිය 04 වන දිනය.
සැකකරුවන් විදේශ ගත වලකාලමින්, විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
මෙම නඩුව 2018 ජූලි මස 07 වෙනි දින නැවත කැඳවීමට නියමිතය