රත්ගම බෝපගොඩ නිවසක වසා දැමූ ළිඳක් මතින් ගමන් කරමින් සිටි 17 හැවිරිදි සිසුවකු ළිඳ ගිලා බැසීමෙන් මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියිය. පොලිසිය පවසන්නේ සිසුවා ද සමග ළිඳ අඩි 13ක් පමණ ගිලා බැස ඇති බවයි. ළිඳේ ජලය නැති බවත් ළිඳට වැටුණු සිසුවා බේරාගැනීමට ළිඳට බැස්ස ඔහුගේ 20 හැවිරිදි ඥාති සොහොයුරා ද සිහිසුන්ව රෝහල්ගත කැර ඇති බවත් පොලිසිය පවසයි.

