රොමේෂ් මධුෂංඛ
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුළ තිබී කොටි සංවිධානයට අයත් බෝම්බ , උණ්ඩ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව මුරුන්ගන් පොලීසිය පවසයි.
පොලිසිය පැවසූවේ මුරුන්ගන්හි නැවත පදිංචි වැසියකු ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ගේ හිමියා අදාළ පුපුරණ ද්‍රව්‍යය දැක පොලිසිය දැනුවත් කළ බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රිය අංශය යොදාගෙන පුපුරණ ද්‍රව්‍ය ගොඩගනු ඇත.
එහිදී ළිඳ තුළ තිබි ආර්.පී.ජී බෝම්බ 01 , එස්.එෆ්.ජී. 81 බෝම්බ 02ක්, කේ 400 බෝම්බ 05ක්, ටී.වයි.ටී.ඊ. බෝම්බ 3 ක් , මි.මි. 81 මෝටාර් බෝම්බ 15ක්, මි.මි.60 බෝම්බ 27ක්, මි.මි. 40 එම්.ජී.එල්. උණ්ඩ උණ්ඩ 10ක් හා මි.මි. 81 පියුස් 8ක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම බෝම්බ සහ උණ්ඩ තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රිය කිරීමට නියමිතව ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ ආයුධ තොගය ළිඳට දමන්නට ඇති බවට මුරුන්ගන් පොලීසිය සැක පළ කරයි.
මේ අතර ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ළිඳ තුළ සිටි කුඩා කිඹුල් පැටියකු ද පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් ගොඩගෙන මන්නාරම් වනජිවි නිළධාරීන් වෙත භාරදුන් බවද පොලිසිය පවසයි.


