බිඟුන් මේනක ගමගේ
ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි පත්වීම් 116 සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා ලංකාදීප යට පැවැසීය.
මෙම බඳවාගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ නිසියාකාරව සිදුව තිබේදැයි මෙමගින් සොයා බැලෙන්නේ යැයි හෙතෙම අවධාරණය කළේය .
කෙසේ වෙතත් එම විමර්ශන කඩිනමින් අවසන් වනු ඇතැයිද ඒ අනුව සුදුස්සන්ට පත්වීම් ප්‍රදානය ඉක්මනින්ම සිදුකිරීමට උපරිම උත්සාහ කරන්නේ යැයිද අබේරත්න මහතා කීය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් ඉහළම ලකුණු ලබාගෙන තනතුරට සුදුසුකම් ලැබුවද මාස හයක් තිස්සේ සිය පත්වීම් ප්‍රමාද කරන්නේ යැයිද ඊට හේතු වී ඇත්තේ දේශපාලන ලැයිස්තුවක් යැයිද කියමින් මෙම සුදුසුකම්ලාභීන් 116 දෙනා ජනාධිපතිවරයාට ද පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.