ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියත් ලේකම්වරියත් ගැටුමක


විනීතා එම් ගමගේ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති කැඳවිය යුතු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය නීත්‍යානුකූල නොවන අන්දමින් කැඳවතැයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය චෝදනා කරයි. 
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඉකුත් (7) වැනිදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබු අතර ඊට තමන් සහභාගි නොවුයේ එය නීත්‍යානුකූල නොවන බැවින් යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 
 
මීට පෙර අවස්ථා දෙකක දී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට තමා ගත් උත්සාහය ලේකම්වරිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට බලපෑම් කර වළක්වා තිබු බව ද ලිවේරා මහත්මිය ප‍්‍රකාශ කළාය. 
 
මේ සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කළ බව කී සභාපතිනිය අමාත්‍යංශ ලේකම්වරිය වෙත ද ලිපියක් යැවූ බව කීවාය. 
 
කෙසේ වෙතත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මියගෙන් ලංකාදීපය  කළ විමසුමක දී ඇය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ චෝදනා ප‍්‍රතික්ෂේප කළාය. 
 
මීට පෙර අවස්ථා කිහිපයක දීම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වුව ද සභාපතිනිය එම රැස්වීම්වලට සහභාගි නොවු බව ද ලේකම්වරිය තව දුරටත් පැවැසුවාය.