ළමා හිංසන පැමිණිලි 24 පැයේම
ලබන සැප්තැම්බර් පළමුවැනි දා සිට ළමා හිංසනය ගැන විසිහතර පැයේම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව එහි කොමසාරිස් ජී.පී.ඞී. සෝමරත්න මහතා කියයි. මේ අනුව දවසේ ඕනෑම වෙලාවක 011 2713039 දුරකතනයට හෝ 011 2713257 පැක්ස් අංකයට හෝ [email protected] විද්යුත් ලිපිනයට හෝ පැමිණිලි කළ හැකි බව ද ඔහු පවසයි.

