ළමා රක්ෂණ අධිකාරියෙන් හොරොව්පතාන පොලිසියට දොස්


පසුගිය ජනවාරියේ සිදුවූ හොරොව්පතානේ පාසල් දැරියගේ දෙපා පිළිස්සීමේ සිද්ධිය ගැන කිසිවක් හොරොව්පතාන පොලිසියෙන් වාර්තා කර නැතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක කියන්නීය.

ලංකාදීප පත්‍රයෙන් එය දැනගත් වහාම වාර්තා කැඳවීමට පියවර ගත් බවත්, ළමයින්ට එරෙහි වද හිංසා ගැන හැම පොලිසියක්ම ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දීම සාමාන්‍ය සිද්ධියක් බවත් ඇය සඳහන් කරන්නීය.