ළමා නිවාසේ හිමි රිමාන්ඞ්
තිහාරිය බතලහේන වත්තේ සදා සරණ ළමා නිවාසයේ පාලක හිමි බව කියන හුණුපලගම වජිර ශ්‍රී හිමි අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එහි තවත් සිවු දෙනකු මීට කලින් රිමාන්ඞ් කරනු ලැබ සිටිති. එම නිවාසයේ රොමේෂ් දිල්ෂාන් (6) දරුවා පිළිස්සී මියයෑමත් දැරියන් සිවු දෙනකු කෙළෙසීමට ලක්වීමත් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

