ළඟම නෑයකු වටා දැල එළයි
‘බියගම විලේජ්‘ හෝටල හිමි ධනවත් ව්‍යාපාරික බර්ටි ජයරත්න මහතාගේ ඝාතනය කොන්ත්‍රාතුවක් වියහැකි යැයි සැකකරන පොලිසිය ඔහුගේ ළඟම නෑයකු අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. තවත් නෑයකුගේ ලැබුණු වැදගත් තොරතුරක් අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔහු ගැන සොයයි. 2006 දී බස් හිමිකයකුගේ ඝාතනයකට සම්බන්ධ බව කියන තොරතුරක් ගැන ද කැසිනෝ සුදු අන්තුවකු ගැන ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

