(රංජන් කස්තුරි)
තමන් සේවය කරන තැපැල් කාර්යාලවල රාජකාරීවලට වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින්ට ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලවලට වාර්තා කළ හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවද තැපැල්පති ඩි.එල්.පී ආර් අභයරත්න මහතා පවසයි.
රාජකාරියට පැමිණෙන තැපැල් සේවකයින්ට ඇතැම් වෘත්තීය සමිති වලින් බලපෑම් එල්ලවන නිසා මෙම පියවර ගන්නා බවද තැපැල් සේවක නිවාඩු අවලංගුකර ඇතැයිද තැපැල්පති කියයි.