
(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අති සංවේදී තෘණ භූමි පාගමින් හානි කිරීමේ චෝදනාවට වරද පිළිගත් සිව්දෙනෙකුට රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 20,000 බැගින් මෙලෙස දඩ නියමවුයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 4දෙනෙකුටය.
වනෝද්‍යානය තුළ පිහිටි අති සංවේදී තෘණ බිම් වෙත පිවිස ඒවා පාගා ඇවිදිමින්, ඡායාරූප හා විඩියෝ ගත කරමින්, ඊට හානි වෙන ලෙස හැසිරෙමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා හා සහකාර වනෝද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

