
(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට නිසි අවසරපත් නොමැතිව හවුලේ ඇතුළුවීම හා වල් ඌරු මස් සන්තකයේ තබාගැනීම යන චෝදනා සඳහා වරද පිළිගත් පුද්ගලයන් 5දෙනෙකුට රුපියල් 175,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
මෙලෙස දඩ නියමවුයේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 5දෙනෙකුටය.
වනෝද්‍යානයට නිසි අවසර පත්‍රයක් නොමැතිව හවුලේ ඇතුළුවීමේ චෝදනාව සඳහා එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 125,000 ක දඩ මුදලක්ද, එම චෝදනාවට ලක් වූ පළමු හා හතරවන සැකකරුවන් සඳහා වල් ඌරු මස් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 50,000ක දඩ මුදලක්ද ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා හා සහකාර වනෝද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි.

