(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක් ඇතුළු 27 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ආසාදිත අනිකුත් පිරිස අතර හෙද හෙදියන් නව දෙනෙක් , සෞඛ්‍යය කාර්ය සහායකයන් හය දෙනෙක් මෙන්ම ලිපිකරුවන් දෙදෙනෙක් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය
එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය
ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස් වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය
හෝමාගම මූලික රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් දෙසිය විස්සක් පමණ ප්‍රතිකාර ලබනවා .එයින් විශාල ප්‍රමාණයක් දැඩි සංකූලතා සහිත රෝගීන්
වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය මෙලෙස ආසාදිතයන් බවට පත් වූවොත් ඉදිරියේදී රෝහලේ එදිනෙදා කාර්යයන්ට විශාල බලපෑමක් එල්ල වීමට බොහෝ හැකියාවක් තියෙනවා යැයි වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය ..

