( ප්‍රියන්ත ජයලත් සහ බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාට පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරයා අද (18) පැවති මහා සභා රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා සභාව උණුසුම් තත්වයක් ඇති විය.
සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව සභා රැස්වීම විනාඩි 30 ට කල් දැමීමට ද සිදු විය.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයා සභාව මත මේසයක් මතට නැගී විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවිය.

ප්‍රියන්ත ජයලත් ඡායාරූපය

