හෝමාගම ගින්න පොලිසියට ප්‍රශ්නයක්


හෝමාගම ප්‍රාදේශිය සභා ලේඛනාගාරයේ ගින්න ගැන පොලිසියට දැන්වීමට මිනිත්තු 20ක් පමණ පමාවී ඇතැයි පොලිසිය කියයි. අලුයම 3.10ට ගින්න හටගෙන ඇතත් ගිනි නිවන අංශ වෙත දන්වා ඇත්තේ අලුයම 3ත20ට බව පොලිසිය කියයි. ප්‍රමාදයට හේතුවත් පෙර දින ලේඛනාගාරයේ ලියවිලි අස්පස් කිරීමත් ගැනද සොයා බලන බව පොලිසිය පවසයි.

ප්‍රාදේශීය සභාවේ ආරක්ෂක අංශය ගින්න ගැන පොලිසියට දැන්වීම පමා කළේ ඇයිදැයි පොලිසියට ප්‍රශ්නයක් වී ඇත.පොලිසිය පැමිණෙන තුරු ලේඛනාගාරය ඉදිරිපිට තිබූ වාහනද ඉවත් කර නොතිබිණි.දෙහිවල ගල්කිස්ස නගර සභාවේද ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේ ද ගිනි නිවන රථ එහි ගොස් ගින්න නිවා දමන විට වැදගත් ලේඛන රැසක්ම හානියට පත්වී තිබිණි.