හෝටලයකින් එළවා දැමූ විදෙස් යුවළක් සිව්දිනක් කැලෑවක


 (සමන් පාලිත නානායක්කාර)

 බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ හෝටලයකින් එළවා දැමූ විදෙස් යුවලක්  දින හතරක් කැලෑවේ  සිටියදී සොයා ගැනීමට හැකි වූ බව ඇල්ල පොලිසිය කියයි. 

කොරෝනා හේතුවෙන් විදේශිය  ජාතිකයන්ට හෝටල් වල  නවාතැන් දීමේදී ඇතිවන ගැටලු නිසා හෝටල්වල නවාතැන් දීම හෝටල් හිමියා ප්‍රතික්ෂේප කරමින් සිටියි.

එවැනි පසුබිමක පැමිණි විදේශීය  යුවළක් නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති ව   

පෞද්ගලික  ඉඩමක කූඩාරමක්  ගසා නවාතැන් ගෙන   සිට ඇත.

පසුව පොලිසිය  ඔවුන්ට සුදුසු නවාතැනක්  ලබා දීමට කටයුතු කර තිබේ.