හොරොව්පතාන ශ්‍රීලනිප මන්ත්‍රී විමලවංශ හිමියෝ අස්වෙති



 
 
පැතුම් දර්ශන
 
 
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ලිපියක් අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉකුත් (1) බාරදී තිබේ.
 
පෞද්ගලික හේතුවක් මත සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් තමන් වෙත ලිපියක් භාර දුන් බව අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා අප කළ විමසීමේදී පැවසීය.
 
2011 වසරේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ විමලවංශ හිමියන් 2018  පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මරදන් මඩුව මැතිවරණ කොට්ඨාසයට තරග කර ඡන්ද 519 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තාය. 
 
මෙවර පළාත් පාලන මැතිවරණයේ හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ කොට්ඨාස දෙකක් පමණි. 
 
ඒ මරදන් මඩුව සහ අගුනචිචිය  යන  මැතිවරණ කොට්ඨාස දෙකය.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉහළ දියුණුව විමලවංශ හිමියන්ගේ කළ විමසීමේ දී උන්වහන්සේ මෙසේ කීය.
 
"ආසන සංවිධායකවරයාගේ තිබෙන අඩුපාඩු නිසා සහ ඡන්ද ක්‍රමයේ තියෙන අඩුපාඩු නිසා මහජනතාවට අබමල් රේණුවක සේවයක් කරන්න බෑ. බොරු කරන්න බැරි නිසා මම ඉල්ලා අස් වුණා."යැයි උන්වහන්සේ පැවසීය.