හොරොයින් සමඟ සිව්දෙනක් පොලිස් දැලේ


ඉන්දිකා  රාමනායක
 
ප‍්‍රබල පාතාල සමාජකයකු වන අංගොඩ ලොක්කාට අයත් රුපියල් ලක්ෂ 25 ට  ආසන්න වටිනා බ‍්‍රවුන් ෂුගර් වර්යේ හොරොයින් තොගයක් සමඟ  ඔහුගේ ප‍්‍රධාන ගෝලයා ඇතුලූ සිව්දෙනක් නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී නාරාහේන්පිට පොලිසිය  අත්අඩංගුවට ගත්බව  පොලිස් මුලස්ථානය කියයි. 
 
පාතාල නායක අංගොඩ ලොක්කා නැමැත්තා විදේශ රටක සිට පොලිස් නිලධාරියකුට ඊමෝ ඉමෝ තාක්ෂණය හරහා  අමතා රුපියල් ලක්ෂ 5 ක් පොලිසියට ලබා දීමට සුදානම් බවත් තම ගෝලයා නිදහස් කරන ලෙසටත් ඉල්ලා ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
 
තවද මොහු අත්අඩංගුව ගත්බව ප‍්‍රසිද්ධ නොකරන ලෙසටත් ඉල්ලා සිටි බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
 
මෙලෙස අත්අඩංගුවට ගත් සිව්දෙනා වැඩිදුර ප‍්‍රශ්න කිරීම සදහා  අද (03) මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.