(නිමන්ති රණසිංහ)
තම නිවසට අයථා ලෙස විදුලිය ගත්තැයි චෝදනාවට ලක්ව සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ලබන පෙබරවාරි 11වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(16) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඔහු රිමාන්ඩ් භාරයේ සිටින අතර අයථා ලෙස විදුලිය ගැනීම සම්බන්ධයෙන් ඇති තවත් නඩුවක් සම්බන්ධයෙන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

