හොරෙන් විදුලිය අරන් දේපළත් උගසට තියයි
හොරන් විදුලිය ගත් 84 දෙනකුට වවුනියා මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු මුරුගේසු චිත්තම්පලම් මහතා රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂයක දඩ නියම කෙළේය.
ඇතැමකුට කඩිනමින් මුදල් ගෙවීමට අවසර ලැබිණි. එහෙත් විදුලිය යළි සන්ධි කරනුයේ මුළු මුදල පියැවූ පසුවය. වහා විදුලි ගැනීම සඳහා ඇතැමෙක් රන් බඩු හා ගේ දොර උගස් කැර මුදල් ගෙවූහ.

