(ඉන්දිකා රාමනායක)
කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් ගත වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව සහ හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පි 4443 වේග ප්‍රහාරක යාත්‍රාව, මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් ඇති අතර එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැක කෙරෙන ජාවාරම් කරුවන් දෙදෙනකු ඇතුළුව වයස අවුරුදු 12ත් 50ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 17ක්, එක් කාත්තාවක් (01) සහ පිරිමි දරුවකු සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයටගත් බහුදින ධිවර යාත්‍රාවේ අබලන් තත්වය සහ මුහුදේ රළු ස්වභාවය මත එම බහුදින ධිවර යාත්‍රාව ගොඩබිමට ඇදගෙන එමින් සිටියදී මුහුදු බත් වී ඇති අතර, නාවික හමුදා බාරයටගත් නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිස සහ ජාවාරම් කරුවෙන් දෙදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.