ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට සහ තුන්වැනි පන්තියේ ටිකට්පත් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමේ වරදට මගීන් 58 දෙනකුගෙන් දඩ වශයෙන් රුපියල් 138195 ක් අද (03)අය කැර ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
කොල්ලුපිටිය හා පානදුර සිට කොටුව දක්වා අද (03) පෙරවරුවේ සිදු කළ සෝදිසියකදී මෙම මගී පිරිස අල්ලාගෙන ඇත.

