නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලංකික සංක්‍රමණිකයන් 131 දෙනෙකු සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (06) වාර්තා කළේය.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයින් අතර පිරිමින් 98 ක්ද කාන්තාවන් 24 ක් හා කුඩා දරුවන් 9 ක් ද සිට තිබේ.
මෙම පිරිස රැගත් නෞකාව එරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ දකුණු වෙරළ දිග තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වසරකට පමණ කාලයකට පසු හෙළිවූ විශාලතම අනවසර සංක්‍රමණික ජාවාරම මෙය බව මැලේසියානු පොලිසිය සඳහන් කර සිටී.
මෙම සංක්‍රමණිකයන් බෝට්ටුවකින් ප්‍රවාහනය කළ ඉන්දුනීසියානු සහ මැලේසියානු ජාතිකයන් හත්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් වාර්තා සඳහන් කළේ මෙම ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිස එම රටවල් සදහා රැගෙන යාමට නවීකරණය කළ ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි.
මෙය මහා පරිමාණ මිනිස් ජාවාරමක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.කෙසේ වෙතත් මේ වන විට මලයාසියානු පොලීසිය විසින් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තවද අත්අඩංගුවට ගත් පිරිසෙන් ලාංකිකයින් 127 දෙනෙකු එරෙහිව නීතිවිරෝධී ලෙස මැලේසියාවට ඇතුලු වීමේ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි ද එරට බලධාරීහු සදහන් කර සිටිති.
එසේම මෙම නීතිවිරෝධී සංක්‍රමණය දියත් කළ යැයි කියන තවත් ලාංකිකයින් සිවිදෙනෙකු , ඉන්දුනීසියා ජාතිකයින් නවදෙනෙකු , එරෙහිව නීතිවිරෝධී මිනිස් ජාවාරම් සිදු කිරීමේ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමටද නියමිතය.
(125)