හොරෙන් ඉතාලි යන්න හැදු තුනකට ඇප


(ටෝනි කරුණානායක)
 
ව්‍යාජ  ගුවන්  ගමන් බලපත්‍රයක්  උපයෝගී කර ගනිමින්  කටුනායක ගුවන්තොටුපලෙන්  දෝහා කටාර් හරහා ඉතාලි රටට යාමට  තැත් කළ ගුවන්  මගීන් තිදෙනෙකුට  එක් අයකු රුපියල් 10,000 ක බැගින් වු මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර  ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්  අතුල ගුණසේකර මහතා අද (9) නියම කළේය.