(උපාලි රණවීර)
තම හැඳුනුම්පත නැතිවූ බව කියමින් වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පත් අංකයක් ව්‍යාජ ලෙස භාවිත කොට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් සකසාගෙන අවස්ථා දෙකකදී ඉතාලියට ගොස් ආපසු පැමිණි අයකු අද(12) අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි.
නැදුන්ගමුව, බණ්ඩාරවත්ත පදිංචි 63වියේ පසුවන සැකකරු වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත් අංකයක් භාවිත කරමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සමග එක්ව ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය සකසා ඇතිබව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

