තිළිණි ද සිල්වා
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගිය ශ‍්‍රී ලාංකික සරණාගතයින් සිව්දෙනෙකු එරට මුහුදු ආරක්ෂක අංශ අද (08) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ධනුෂ්කෝඩි වෙරළ තීරයට අයත් අරිචල්මුනෙයි ප‍්‍රදේශයේදී දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එම තානාපති ආරංචි මාර්ග කළේය. අත්අඩංගුවට ගත් එම ලාංකිකයින් සිව්දෙනා අතර ගැබිණි කාන්තාවක් ද වන බව සඳහන්ය.
වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා තමන් මෙලෙස පැමිණි බව ඉන්දීය පොලීසිය සිදුකළ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් ප‍්‍රකාශ කර ඇති අතර .එසේම ලංකාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැමිණීම ඉන්දීය රුපියල් 30000 ක මුදල් යාත‍්‍රා හිමිකරුවන්ට ලබා දුන් බවද එම ප‍්‍රශ්න කිරීම හමුවේ ඔවුන් පවසා තිබේ.

