පොලිස් පරික්ෂකවරයකු යැයි ව්‍යාජ හැදුනුම්පතක් ඇතිව ගණිකාවන්, හෝටල් සහ පෙම්වතුන් පරික්ෂා කරමින් ලැඟුම්හල්වල රැදී සිටි උඳුගොඩගේ අනුරාධ රුද්‍රිගු හෙවත් අජිත් කුමාර ද සිල්වා ඔක්තෝබර් 28 දක්වා රිමාන්ඩ් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය.
එම ව්‍යාජ හැඳුනුම්පත ඔහුට බලය පැවරී ඇති රාජකාරිකාරි ලෙස ගණිකාවන් පරික්ෂා කිරිම හෝටල් සහ පෙම්වතුන් පරික්ෂාව යනුවෙන් සඳහන් කර තිබු බව පොලිසිය අධිකරණයට එම හැඳුනුම්පත ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
බලය පෙන්වා ඔහු ඔවුන්ගෙන් ප්‍රයෝජන ගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

