‘මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.
හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්‍රා.ලේ යනුවෙන් ප්‍රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්‍ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.


